Gossips

13 වනදා ගුරු – විදුහල්පතිවරුන් ලෙඩ වෙයි

ලබන 13 වනදා දිවයින පුරා සියලූම ගුරු – විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ලංකා ගුරු සේවා සංගමය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ ඊයේ තම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට එරෙහිව සහ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් හයක් මුල් කරගනිමින් මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයද කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ කියා සිටියේ ගුරු – විදුහල්පතිවරුන් සිදුකළ මෙම විරෝධතාවට පොලීසිය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ගුරුවරුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරියේදී පැමිණිලි කරන බවද ඔහු එහිදී සඳහන් කළා.