අලවතුගොඩ – කසාවත්ත ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් දැරියක මියගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් දැරියව ළිඳෙන් ගොඩගෙන අකුරණ රෝහල වෙත රැගෙන යනවිටත් ඇය මියගොස් සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
12 හැවිරිදි වියේ පසුවන ඇය දියනෑම සඳහා අද දහවල් මෙම ළිඳට ගොස් තිබුණා.
