Gossips

12 හැවිරිදි දරුවෙකුට මරු කැඳවූ රිය අනතුර

පුත්තලම – කොළඹ මාර්ගයේ නාගවිල ප්‍රදේශයේදී අද සවස වෑන් රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම – නාගවිල්ලුව,මණ්ඩලතිව් ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවෙක්.
තම සොහොයුරිය සමග නාගවිල්ලුව ප්‍රදේශයේ වෙළද සැළකට ගොස් ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී දරුවා මෙම අනතුරට ලක්ව ඇත්තේ.
අනතුර සිදු කළ පලාගිය වෑන් රථය පුත්තලම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් පුත්තලම පොලීසියේ වැඩිදුර විමර්ශණ සිදුකරනවා.