Gossips

113 දින 5කින් පෙන්වන්න සූදානම් – ඇමති එස්.බී

113ට එහා ගිය පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට ඉදිරි දින 5 තුළ දී ආණ්ඩුවට හැකියාව පවතින බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක බවයි.
මේ අතර, ආණ්ඩුවට එරෙහිව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටු 7ක් පත් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත පත් කර ඇති අදාළ කමිටු මේ වන විටත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවයි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ආණ්ඩුව ස්ථාවර කිරීමේ කමිටුව, පිරිස වැඩි කර ගැනීමේ කමිටුව, මාධ්‍ය කමිටුව, නීති කමිටුව හා සමාජජාල කමිටුව ආදී වශයෙන් මෙහෙයුම් කමිටු 7ක් ඊට අයත්.