Gossips

100 X 4 රන් පදක්කම ශ්‍රී ලංකාවට

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 X 4, බාලක සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් වුණා.
පසිදු කොඩිකාර, අරුණ දර්ශන, රවිෂ්ක ඉන්ද්‍රජිත් සහ පබසර නිකූ එම තරඟය නියෝජනය කළා.
එසේම, මීටර් 200 බාලිකා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ද ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වායි.
ඒ අනුව ශ්‍රී ලංකාව රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් මේ වන විට තරගාවලියේදී හිමිකරගෙන තිබෙනවා.