Gossips

10 ක් අඩුකිරීම ගැන ත්‍රිරෝද රථ සංගම් මත ගැටුමක

මසක් ඇතුළත ඉන්ධන මිල තුන් වරක් අඩුකිරීම හේතුවෙන් ත්‍රීරෝද රථ ගාස්තුවෙන් පළමු කිලෝමීටරය රුපියල් 10ක් අඩුකිිරිම සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ සංගම් විවිධ අදහස් පළ කරනවා.
ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය කියා සිටියේ එලෙස ගාස්තු අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි.
කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තුවෙන් පළමු කිලෝමීටරය රුපියල් 10 කින් අඩු කරන බව ලංකා ස්වයං රැකියාලාභින්ගේ සහ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන පසුගියදා ප්‍රකාශ කළා.
එහෙත් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී. අල්විස් කියා සිටියේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල ඉහළ යාම නිසා ගාස්තු අඩුකිරීමක් සිදු නොකරන බවයි.
අප මේ සම්බන්ධයෙන් ලංකා ස්වයං රැකියාලාභින්ගේ සහ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධනගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ ගාස්තු අඩු නොකරන සංගම්වලට එරෙහිව අධිකරණයට යන බවයි.