Gossips

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට අද විටින් විට විදුලිය විසන්ඳි කෙරේ

විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට අද විටින් විට විදුලිය විසන්ඳි කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ අනුව, කොළඹ 03,04,05,07 සහ 08 යන ප්‍රදේශවල හඳුනාගත් ස්ථානවලට අද (28) පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා අදාළ විදුලිය විසන්ධි කිරීම ක්‍රියාත්මක බව ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
අදාළ විදුලිය විසන්ධි කිරීම දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත වුවත් ඇසළ පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් සිදුවන ආගමික වැඩසටහන් හේතුවෙන් එම තීරණය අවලංගු කෙරුණා.
මීට අමතරව, කොළඹ 03,04,05,07 සහ 08 ලබන 31 වනදා දක්වා ඇතැම් විට කඩින් කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද අමාත්‍යාංශය නිවේදනය කළා.