Gossips

ෆොන්සේකා සී.අයි.ඩී.යට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, සිදුකරන පරික්ෂවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දහවල් 12 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගන්නේ ප්‍රථම වතාවටයි.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 12 වනදා පැය තුනහමාරක කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.
එමෙන්ම පසුගිය මස 17 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද ඔහුගේ නිල නිවසේදී පැය 02කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත්තා.
ඊට අමතරව කතානායක කරූ ජයසූරියගෙන්ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පසුගිය 10 වනදා මාස 05කට පසු ඇප මත මුදාහැරුණා.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී තිබුණේ 2008 වසරේ මැයි 22 වනදායි.