Gossips

ෆොන්සේකා – තෙවරප්පෙරුම ගැටුම උඩු දුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මේ දිනවල එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් සිටිනවා.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍ය ධූරය දරන කාලයේ සිදුකළ අක්‍රමිකතා රැසක් හෙලිකළ හැකි බවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ සිදුකළ ප්‍රකාශයට අද නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවක් කැඳවමින් පිළිතුරු ලබාදුන්නා.
මේ අතර, හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා.