Gossips

ෆොන්සේකාට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයෙන් චෝදනාවක්

මාධ්‍යවේදීන්ට පහරදීම් සහ ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කළද, එවැනි ක්‍රියා සිදුකර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ සිටින අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා.
එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මේ බව සඳහන් කළේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
මේ අතර, අද කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම සිද්ධීන් පිළිබඳ ප්‍රශ්න කර සිටියා.