Gossips

ෆොන්සේකාට අගමැතිට එහා ගිය බලයක් – ජී.එල්

තීරණ ගැනීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එහා ගිය බලයක් ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකාට පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, මේ බව කියා සිටියේ කොළඹ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂාවක් ලබාදීම අවශ්‍ය නොවන බවයි.