Gossips

ෆේස් බුක් ප්‍රධානියා වරද පිළිගනී

තම පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට ෆේස්බුක් සමාගමට එල්ලවූ චෝදනාවට එහි නිර්මාතෘ මාක් සකබර්ග් වරද පිලිගෙන තිබෙනවා.
ගාඩියන් සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් පසුගිය සති අන්තයේ වාර්තා කර තිබුණේ පෞද්ගලික සමාගමක් ෆේස්බුක් හරහා එරට දේශපාලනඥයින්ගේ සහ තවත් පුද්ගලයින්ගේ තොරතුරු ග්‍රහණය කරගෙන ඇති බවයි.
අදාළ තොරතුරු 2016 වසරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාරි වන ලෙස භාවිත කරන්නට ඇති බවට ද මත පළ වුණා.
ඒ අනුවයි මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ෆේස්බුක් නිර්මාතෘවරයාට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණේ.