මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්රචාරක ව්‍යාපාරයක් මෙහෙය වීමට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මෙවලම් යොදාගෙන ඇතැයි එහි නිර්මාතෘ මාක් සකබර්ග් පවසනවා.
වොක්ස් නමැති ප්රවෘත්ති වෙබ් අඩවියට සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ කලාපය තුළ හානිකර කටයුතු සඳහා ෆේස්බුක් යොදාගෙන ඇති බවයි.
ඒ හරහා සංවේදී කරුණු පළ කිරීම, පාර්ශවයන් අතර ගැටුම් ඇවිලීමට හේතු වී ඇති බවත්, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ එරට බෞද්ධ ජනතාව අතර ගැටුම් ඇතිවීමට එය හේතුවක් වූ බවත් සකබර්ග් වැඩිදුරටත් කියා සිටියා.
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අඩු ලුහුඩුකම් මකා ගැනීමට තවත් වසර කිහිපයක් ගත විය හැකි බවයි ඔහු අවධාරණය කළේ.