Gossips

ෆේස්බුක් හිමිකරුගේ ආරක්ෂාවට ඩොලර් හැත්තෑ තුන් ලක්ෂයක්

කෝටි 200 ක් පරිහරණය කරන ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස් බුක් හිමිකරු මාක් සකබර්ග්ගේ් පෞද්ගලික ආරක්ෂාවට පසුගිය 2017 වසරේදී ඩොලර් මිලියන 7.3 ක් වැය කර ඇති බව හෙළිවී තිබෙනවා.
එමෙන්ම ඔහුගේ පෞද්ගලික ගුවන් යානය සඳහාද ඩොලර් මිලියන 1.5 ක් වැයවී ඇති බව සඳහන්.
එම වියදම් 2016 වසරට සාපේක්ෂව සියයට 54 ක වැඩිවීමක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ෆේස්බුක් ආයතනය මේ වසරේදී දත්ත අවභාවිතයට සම්බන්ධ ගැටළු රැසකට මුහුණ දුන් අතර, එහි හිමිකරු මාක් සකබර්ග් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ පැය 10 ක කාලයක් ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමටද සිදුවුණා.