ෆේස්බුක් මගින් අන්තර්ජාල මුදල් හුවමාරු වංචාවක් මේ දිනවල ක්‍රියාත්මක බැවින් ඒ පිිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ෆේස්බුක් ග්‍රාහකයින්ට දැනුම් දෙනවා.
එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මීට අදාළව ගත වූ දින කිහිපය තුළ දැනට පැමිණිලි 15 ක් ලැබී ඇති බවයි.
