Gossips

ෆේස්බුක් හරහා මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට

වෙනත් පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම්වලට ඇතුලූ වී එම ගිණුම්වල හිමිකරු ලෙස පෙනී සිටිමින් වංචනිකව මුදල් ලබාගත් තරුණයෙකුු පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ෆේස්බුක් ගිණුම්වලට ඇතුලූවී එහි හිමිකරු ලෙස පෙනී සිටිමින් මිතුරන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන ඇති බවයි.
සැකකරු 19 හැවිරිදි වියේ පසුවන මූණමල්දෙණිය – කඹුරාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.