Gossips

ෆේස්බුක් වෙත පිවිසීමට තවමත් බාධා

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමේදී තවදුරටත් බාධා පවතින බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළා.
ෆේස්බුක් – මැසෙන්ජර් – යෙදුම බිඳ වැටීමෙන් දිනකට පසු ඊයේ දිනයේදී ෆේසුුබුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවි ද බිඳ වැටීමට ලක්වුණා.
මෙම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණදී ඇත්තේ යුරෝපය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියා රටවල වාසය කරන ෆේස්බුක් සමාජ ජාල පරිශීලකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය මඟ හැරීම සඳහා කටයුතු සිදුකරමින් පවතින බවයි ෆේස්බුක් සමාගම නිවේදනය කළේ.