Gossips

ෆේස්බුක් පාලනය කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියයි

බ්‍රිතාන්‍ය තුල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය පාලනය කිරීම සඳහා දැඩි නීති සහ රෙගුලාසි පැනවිය යුතු බවට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ෆේස්බුක් හරහා පැතිරෙන අසත්‍ය පුවත් පාලනය කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු නොකිරීම මීට හේතුවී ඇති බවයි.
මේ වනවිට ෆේස්බුක් හරහා පැතිරී යන අසත්‍ය පුවත් හේතුවෙන් එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය අවදානමට ලක්ව ඇති බවයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ.