Gossips

ෆේස්බුක් ප්‍රබලයන් දෙදෙනෙකු ඉවත් වෙයි

සිය සමාගමේ ඉතිහාසයේ දරුණුතම සේවා බිඳ වැටීමට මේ සතියේ මුහුණ දුන් ෆේස්බුක් සමාගමේ ප්‍රධානතම සාමාජිකයන් දෙදෙනෙකු ඉන් ඉවත් වී තිබෙනවා.
එහි නිෂ්පාදන ප්‍රධානී ක්‍රිස් කොක්ස් සහ වට්ස්ඇප් ප්‍රධානී ක්‍රිස් ඩැනියෙල් ඉවත් වූ බව ප්‍රකාශයට පත් කළේ ෆේස්බුක් ප්‍රධාන විධායක සහ නිර්මාතෘ මාක් සකබර්ග් විසින්. ඔවුන් මෙලෙස ඉවත් වී ඇත්තේ ෆේස්බුක් ආයතනය පෞද්ගලිකත්වය පිළිබද අවධානය යොමු කරන සමාගමක් බවට පරිවර්තනය කිරීමේ සැලසුම් සකබර්ග් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.
සමාගමෙන් ඉවත්ව යන ක්‍රිස් කොක්ස් ෆේස්බුක් හි ප්‍රධාන විශේෂාංග නිර්මාණය කිරීමට දායක වූ අතර, එහි නිව්ස් ෆීඩ් හෙවත් පුවත් දසුන ද ඊට ඇතුළත්.