Gossips

ෆේස්බුක් නියාමනයට නව නීති – අගමැතිගෙන් ප්‍රකාශයක්

ෆේස් බුක් සමාජජාල මාධ්‍ය නියාමනය කිරීම සඳහා ඉදිරි සති කිහිපය තුල නව නීති හදුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක්වෙමින් අග්‍රමාත්‍යවරයා කියා සිටියේ නිතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර ඇති බවයි.
මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ (13) රාත්‍රියේ හදිසියේම මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැක තිබෙනවා.
එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.