Gossips

ෆේස්බුක් දත්ත සොරකම් කළ සමාගම වසා දැමීමට සැරසේ

ලොව පුරා ෆේස් බුක් ගිණුම් හිමියන් මිලියන 87කගේ දත්ත අවභාවිතා කළ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එල්ලවී ඇති චෝදනා මත සේවාදායකයන් සහ සේවකයින් තම සමාගමෙන් ඉවත්ව යෑම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි.
තම සමාගමේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උත්සහ කළද ඊට අවස්ථාවක් නොලැබුණ බවයි ඔහු විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර ට්විටර් සමාජ මාධ්‍යය විසින් ද සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බව අනාවරණ වී තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන සමීක්ෂණ සඳහා අදාළ තොරතුරු යොදා ගන්නා ඇති බවයි සැලකෙන්නේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය මගින් ද මෙලෙස ග්‍රාහකයන්ගේ දත්ත අනවසරයෙන් යොදා ගැනීම නිසා මතභේදකාරී තත්ත්වයක් ඇති වුණා.
එය ෆේස්බුක් සමාගමේ අගය පහත වැටීමට ද හේතු වී තිබෙනවා.
මේ අතර ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන කෝටි 200ක් ලෝකවාසීන් භාවිත කරන ෆේස්බුක් හිමිකරු මාක් සකබර්ග් පසුගියදා ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටිනවා.
ඒ, ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා යොදා ගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමටයි.
ඒ අනුව 33 හැවිරිදි සකබර්ග් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙනී සිටියා.
ඇමරිකානු පාර්ලිමේන්තුවේ සාක්ෂි ලබාදීමට පෙර ඔහු සෙනට් සභිකයන් නිළ නොවන මට්ටමින් හමුවුණා.
එමෙන්ම ඔහු කොංග්‍රස් වාණිජ කමිටුව වෙත ලිඛිත ප්‍රකාශයක් ද ඉදිරිපත් කළා.
එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ෆේස්බුක් ආයතනය මගින් මිනිස් සම්බන්ධතාවල යහපත අපේක්ෂා කළ ද එහි අවභාවිතය ගැන අවධානය යොමු කිරීම ගැන තමා පෞද්ගලිකව සමාව අයදින බවයි.