Gossips

ෆේස්බුක් දත්ත අවභාවිත කළ සමාගමේ ප්‍රධානියා රාහුල් ගාන්ධි හමුවූ බව හෙළිවේ

2016 ඇමරිකානු මැතිවරණයේදී ෆේස්බුක් පරිශීලක දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වන කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ හිටපු ප්‍රධානී ඇලෙක්සැන්ඩර් නික්ස්, ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පසුගිය වසරේදී හමුවූ බව හෙළි වී තිබෙනවා.
එහිදී 2019 ඉන්දීය මහමැතිවරණය සඳහා ෆේස්බුක් පරිශීලක ඉන්දීය ඡන්ද දායකයන් ආකර්ශනය කර ගැනීමේ යෝජනාවලියක් ඔහු ලබා දී ඇති බවයි ඉන්දීය එන්.ඞී.ටී.වී. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ.
කෙසේ නමුත්, ඉන්දීය රුපියල් කෝටි දෙක හමාරක යෝජනාවලිය සඳහා ගිවිසුමකට අත්සන් නොතැබූ බව කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කර ඇති බව සඳහන්.