ෆේස්බුක් ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙකු මීගමුව කොට්ඨාශ අපරාධ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලයින්ට ජංගම දුරකථන ලබා දෙන බව පවසා සැකකරු ෆේස්බුක් ඔස්සේ තම ගිණුමට මුදල් බැර කර ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් මීගමුව – ජාඇල ඇතුළු ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ලද පැමිණිලි වලට අනුව අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව – පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙක්.
