Gossips

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තවදුරටත් අවහිරයි

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම අදත් බොහෝ දුරට අවහිර වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවදුරටත් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ භාවිත වන ෆේස්බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර වනු ඇති.
මේ අතර, විකල්ප ක්‍රමවේදයන් භාවිතා කරමින් ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වලට පිවිසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.