Gossips

ෆේස්බුක් ආයතනයේ තුන්දෙනෙකු අද ලංකාවට

ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ෆේස්බුක් ආයතනයේ තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (14) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කළේ ඔවුන් හෙට (15) දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම්වරයා ඔස්ටින් ප්‍රනාන්දු හමුවී සාකච්ඡා පවත්වනු ඇති බවයි.
එහිදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීම වැළැක්වීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති.
ෆේස්බුක් සමාගමේ නිලධාරී කණ්ඩායම සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව බොහෝ දුරට අනිද්දා වනවිට අනෙකුත් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට ඇති බාධා ඉවත් කිරීමට හැකිවනු ඇති බවයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කළේ.
ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව සළකා බලා වයිබර් සමාජජාලයට ප්‍රවේශවීමට පැවති බාධා ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරුණා.