Gossips

ෆීල්ඩ් මාර්ෂල්ගෙන් හමුදාපතිට චෝදනාවක්

හමුදාපතිවරයා විසින් රටේ බලධාරීන්ට නිසි තොරතුරු ලබානොදීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබදව ගැටළු මතු ව ඇතැයි අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
කැළණිය ප්‍රදේශයේ අද පැවැති වැඩසටහනකින් අනතුරුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යුද හමුදාව ඊයේ නිකුත් කළ නිවේදනය පිළිබදව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා යුද හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළේ වසර ගණනාවක සිට විශ්‍රාම ගොස් බාහිරව සිටින ඇතැම් නිලධාරීන්ට යුද හමුදාවේ යුදමය සූදානම ගැන සෑහීමකට පත් නොවන බවට ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.
පෞද්ගලික හා දේශපාලන හේතූන් මත ජාතික ආරක්ෂාව විවේචනය කිරීම තරයේ හෙළා දකින බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් යුද හමුදාව සඳහන් කළේ.