Gossips

ෆීජි භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

පැසිෆික් සාගරයේ ෆීජී සහ ටොන්ගා දූපත් ආශ්‍රිතව අද ඇතිවූ රික්ටර් පරිමාණයේ 8.2 ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම මුහුදු පත්ලේ කිලෝමීටර 560 ක් පමණ ගැඹුරෙන් සිදුවීම නිසා මෙම භූ කම්පනයෙන් සුනාමි රළ පහරක් ඇතිවිය නොහැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයද තහවුරු කර තිබෙනවා.
එමෙන්ම ගොඩබිම සිදුවන හානියද අවම වනු ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.
පැසිෆික් ගිනි වළල්ල හෙවත් භූ කම්පන සහ ගිනි කඳු ක්‍රියාකාරකම් බහුල කලාපය තුළ මෙම භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටා ඇති බව සඳහන්.