Gossips

ෆිල් හියුස්ගේ ජීවිත උදුරා ගත් ඇබට්ගේ මාරක පන්දුව දෙවන වරටත් තවත් ක්‍රීඩකයෙකුගේ හිස සොයා යයි

ඕස්ටේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට්ගේ පන්දුවක් පිතිකරුවෙකුගේ හිසේ වැදීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරන.
ඕස්ටේලියාවේ පළමු පෙළ තරඟාවලියක් අතර තුර මෙම අතතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙල්බන් නුවර පැවති මෙම තරඟයේදී වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන විල් පිකොව්ස්කි මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
ෂෝන් ඇබට් විසින් යැවූ කෙටි පන්දුවක් නිදැල්ලේ යාමට ඉඩ සැලසීමේදී පිකොව්ස්කිගේ හිසේ පන්දුව වැදී ඇති බව සඳහන්.
අනතුරෙන් පසුව පිකොව්ස්කිට ප්‍රතිකාර කිරීම සඳහා ක්‍රීඩා පිටියෙන් රැගෙන ගොස් ඇති අතර ඔහුගේ තත්වය එතරම් බරපතල නොවන බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් වාර්තා නවන්නේ.
පන්දුව විල් පිකොව්ස්කිගේ හිසේ වැදීමෙන් පසු ෂෝන් ඇබට් පිටිය මැදදී කඳුළු සැලූ බව සඳහන්.
මීට පෙර අවස්ථාවකද පන්දුවක් පිකොව්ස්කිගේ හිසේ වැදී ඇති අතර එහිදී ඔහුට බරපතල තුවාල සිදුවී ඇති අතර ඔහුගේ මොළයට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා.
මීට වසර 03කට පෙර ෂෝන් ඇබට්ගේ මෙවැනිම පන්දුවක් ෆිල් හියුස්ගේ හිසේ වැදීමෙන් අවාසනාවත්න ලෙස ෆිල් හියුස්ගේ ජිවිතයෙන් සමුගත්තා.
අනතුර සිදුවන අවස්ථාව පහතින්.
පන්දුව හිසේ වැදී ෆිල් හියුස්ට අනතුර සිදුවන අයුරු පහතින්.