Gossips

ෆාක් ගරිල්ලා නායකයා යළි මතුවෙයි

කොළොම්බියාවේ විප්ලවකාරී සන්නද්ධ බලකාය හෙවත් ෆාක් ගරිල්ලා සංවිධානයේ හිටපු නායකයා වූ අයිවන් මාකේස් යළි කරළියට පැමිණ තිබෙනවා.
ෆාක් නායකයා විසින් විනාඩි 12ක වීඩියෝ පටයක් නිකුත් කර ඇති අතර, එමඟින් ඔහු චෝදනා කර ඇත්තේ සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ප්‍රජා නායකයන් 400 කට වැඩි පිරිසක් සහ හිටපු ගරිල්ලා සාමාජිකයන් 85 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ෆාක් සංවිධානය කොළොම්බියානු රජය සමඟ 2016 වසරේදී ඓතිහාසික සාම ගිවිසුමකට එළඹුණා.
ඒ, කියුබාවේදී වසර 4 ක් තිස්සේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
කෙසේ නමුත්, සාම ගිවිසුමට එරෙහි පුද්ගලයන්ගේ ප්‍රහාරවලට ලක්වීමේ අවදානම හේතුවෙන් එතැන් සිට අතුරුදන් වුණා.
සිය සංවිධානය සාම ගිවිසුමට එළඹුණේ සිය සාමාජිකයන් දේශපාලන ආර්ථීක සහ සාමාජීය වශයෙන් අන්තර්ග්‍රහණය කිරීමේ පොරොන්දුව මත බවයි ෆාක් නායකයා සිය වීඩියෝ පටය මගින් අවධාරණය කළේ.