Gossips

ෆ්ලෝරන්ස් සුළි සුළඟින් ඇමරිකාවේ ජල ගැලීම්

ෆ්ලෝරන්ස් සුළි සුළඟ ඇමරිකාවේ නැගෙනහිර වෙරළින් ඇතුළු වද්දී, උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ ගංඟා පිටාර ගලමින් මහා මාර්ග ජලයෙන් පිරී යාම ආරම්භ වී ඇති බව වාර්තා වනවා.
සුළි සුළෙඟ් ප්‍රබලත්වය අඩුවුවද එහි බලපෑමෙන් ඉමහත් විනාශයක් සිදුවිය හැකි බවටයි ඇමරිකානු බලධාරීන් අනතුරු ඇගවූයේ.
අත්ලාන්තික් වෙරළබඩ ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 500 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති අතර, සුළි සුළං පථයේ පිහිටි ප්‍රාන්තවල මිලියන 1.7ක ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දී තිබුණා.
ඇමරිකානු කාලගුණ අංශ ප්‍රකාශ කළේ සුළි සුළඟත් සමඟ ඇද හැලෙන වර්ෂාපතනය ඔලිම්පික් පිහිණුම් තටාක මිලියන 15ක් පිරවීමට ප්‍රමාණවත් බවයි.
පැයට කිලෝමීටර් 150ක් පමණ වේගයක් සහිත ෆ්ලෝරන්ස් සුළි සුළගේ මධ්‍යය ද මේ වන විට වෙරළට ආසන්න වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.