Gossips

ෆ්ලෝරන්ස් ඇමරිකාව කළඹයි – පිලිපීනයත්, සුපිරි සුළි සුළඟක් අභියස

විනාශකාරී ජල ගැලීම් ඇති කරමින් ෆ්ලෝරන්ස් සුළි සුළඟ ඇමරිකාවේ නැගෙනහිර වෙරළින් අද කඩා වැදුණේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලි බලය ද අහිමි කරමින්.
ඇමරිකානු කාලගුණ අංශ ප්‍රකාශ කළේ සුළි සුළඟත් සමඟ ඇද හැලෙන වර්ෂාපතනය ඔලිම්පික් පිහිණුම් තටාක මිලියන 15ක් පිරවීමට ප්‍රමාණවත් බවයි.
සුළි සුළඟට පෙර දස ලක්ෂයකට අධික පිරිසක් ඉවත් කර ගැනුණු අතර, ගුවන් ගමන් 1300ක් පමණ අවලංගු කෙරුණා.
මේ අතර, පැයට කිලෝමීටර් 250කට ආසන්න වේගයකින් යුත් මැන්කුට් සුපිරි සුළි සුළඟ ආසන්න වද්දී, පිලිපීනයේ උතුරුදිග වෙරළාසන්න ප්‍රදේශවල ජනතාව ඉවත් කර ගැනීම ආරම්භ වී තිබෙනවා.
එය මේ වසරේ කලාපයට හමන ප්‍රබලතම චණ්ඩ මාරුතය බවයි ජපාන කාලගුණ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.