ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී රැස්ව සිටි පිරිසක් අතරට කඩාවැදුණු පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පසුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම සාප්පු සංකීර්ණය තුළ සූදු ක්‍රීඩාවක් පරාජයට පත්වීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුලක් නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආරක්ෂක අංශ සැක පළ කර තිබෙනවා.
