Politics Sri Lanka

ෆවුසිගේ නඩුව යළි කල් යයි

ෆවුසිගේ නඩුව යළි කල් යයි

අලල්ස් සිද්ධියකට අදාලව චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සම්බන්ධ නඩු විභාගය ලබන ජුනි 25 වැනි දා තෙක් කල් තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානයක මහතා අද (23) නියෝග කර තිබේ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරි නිවාඩු ලබා තිබිම හේතුවෙන් නඩුව කල් තබා ඇත.

ආපදා කලමනාකරණ අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලද රුපියල් කෝටි දෙකක් පමණ වටිනා වාහනයක් අවභාවිතා කර රජයට රුපියල් දස ලක්ෂයක පමණ පාඩුවක් කළැයි ඔහුට එරෙහිව ඇති අල්ලස් චෝදනාවයි.