Gossips

ෆයිසර් මුස්තාෆාගෙන් විරෝධයක්

පිටකොටුව – මල්වත්ත පාරේ පදික වෙළෙඳුන් ඉවත් කිරීම සඳහා කිසිසේත් ඉඩ නොදෙන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
එහි නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ.
පිටකොටුව – මල්වත්ත පාරේ පදික වෙළඳුන්ට අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉවත්ව යන ලෙස කොළඹ නගර සභාව ලිපියක් මගින් දැනුම්වත් කර තිබෙනවා.
කෙසේ වෙතත් පදික වෙළඳුන් අද දිනයේත් ඉන් ඉවත් නොවූ අතර, එම ස්ථානය නිරීක්ෂණය සඳහායි අමාත්‍යවරයා පැමිණියේ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළේ ජනතා අවශ්‍යතා පසෙක ලා කටයුතු කිරීමට රජයට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව පොඩි මිනිහා සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුවිය යුතු බවද එහිදී ඔහු ප්‍රකාශ කළා.