Gossips

ළිඳවැවදී පොලිස් නිලධාරියාට මරු කැඳවූ අනතුර

නොච්චියාගම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නොච්චියාගම, ළිඳවැව 30 කණුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක් දරු පියෙකු බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අදාළ අනතුර සිදුවූ ආකාරය පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති අතර පොලිසිය සැකපලකරන්නේ අනතුර සිදුකළ රථය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවටයි.
ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි සැකපලකරන්නේ.
මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳගේ දෙවැනි දරු උපත සිදුවීමට නියමිත බැවින් ඔහු මෙලෙස ඕමන්ත ප්‍රදේශයේ සිට සිය නිවස වෙත පැමිණෙමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.