Gossips

ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් සොයාගනියි

වවුනියාව තරණිකුලම ප්‍රදේශයේ ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් ඊයේ (05) සවස වවුනියාව ඊච්චන්කුලම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව තරණිකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වු පුද්ගලයෙක්.
සිය පුත්‍රයා නිවසේ නොමැතිවීම හේතුවෙන් සොයා බැලීමේදී පුතාගේ මළසිරුර ළිඳ තුළ තිබෙනු දුටු බවයි මියගිය පුද්ගලයාගේ මව දැක අනතුරුව පොලිසිය පවසා ඇත්තේ.
පොලිසිය පැවසූවේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.