කිලිනොච්චිය පරවිපාන්චාන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක තිබී අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
ළිඳ පිරිසිදු කිරීමේ දී ඒවා හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
යුධ සමයේදී පළාගිය එල් ටී ටී ඊ සාමාජිකයන් විසින් මෙම පුපුරන ද්‍රව්‍ය සගවා තබන්නට ඇතැයි සැක කෙරෙනවා.
ක්ලේමෝ බෝම්බ ද ඇතුලු මෙම පුපුරන ද්‍රව්‍ය අධිකරණ නියෝග මත නිශ්ක්‍රිය කිරීමට නියමිතයි.
ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය
