දඹුල්ල – අතුපාර යාය ප්‍රදේශයේදී ළිඳට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අලූත් අවුරුදු සාදයක් සඳහා ඊයේ (20) මොහු තම ඥාතීන් කිහිපදෙනෙකු සමඟ සිය දියණියගේ නිවසට පැමිණ තිබෙනවා.
එහිදී මෙම පුද්ගලයා ළිදෙහි බැම්ම උඩ වාඩි වී මත්පැන් පානය කරමින් සිටියදී ළිදට ඇද වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ – පල්ලේයාය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි තිදරු පියෙක්.
