Gossips

ළිං පතුලේ අවසන් වූ දැවැන්තයාගේ ජීවිතය (ඡායාරූප)

අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් වන අලියෙකු මිය යාමේ පුවතක් ගනේවල්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ගනේවල්පොල වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත මෙලෙස මියගොස් සිටි වන අලියාගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ රිටිගල කලාවැව සහ මානෑකන්ද යන රක්ෂිතවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලියෙක් බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
මේ දිනවල බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමඟ ආහාර සොයා යන අතරතුර දී මෙම සත්වයා අනාරක්ෂිත වගා ළිඳට වැටෙන්නට ඇතැයි වනජීවී නිලධාරීන් සැකපල කරනවා.
ජලය සිඳී ගිය අඩි 12ක් පමණ ගැඹුරු වගා ළිඳකට වැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 08 ක් පමණ වන අලියෙක්.
මීට දින කිහිපයට පෙර එම සත්වයා වගා ළිඳට වැටී ඇති අතර සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ අලියාට ආහාර සහ ජලය නොමැතිවිමෙන් ඇති වූ විජලන තත්ත්වය හේතුවෙන් අලියාගේ මරණය සිදුව ඇති බවයි.

ඡායාරූප – කැකිරාව, කුෂාන් ජයවර්ධන