Gossips

ළිං පතුලේම අවසන් සුසුම් හෙලූ 15 හැවිරිදි දැරිය

15 හැවිරිදි දැරියක් ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුවතක් වවුනියාව, තාලිකුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (13) පස්වරුවේයි දැරිය මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.
දැරිය නිවසේ නොමැති බව දැනගත් නිවැසියන් ඒ පිළිබදව කළ සොයා බැලීමේදී ඇයගේ සිරුර ළිඳේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
දැරිය ළිඳෙන් ගොඩගෙන රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඇය මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා සිටියේ.
දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.