Gossips

ළමා හේවාගේ සහ රංගජීවගේ ඇප ඉල්ලීම් ඉවතට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳිවියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ගොනුකළ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ ඊට අදාළ නඩුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
මෙහිදී කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් සඳහන් කළේ ඔවුන් දෙදෙනාට ඇප ලබාදීම පරීක්ෂණ කටයුතුවලට බාධාවක් බවයි.
2012 වසරේ නොවැම්බර් 09 වන දා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය ගියා.