මෙම වසරේ ගත වූ මාස 3 තුළ දරුවන් කෲරත්වයට පත් කිරීමට අදාළ සිදුවීම් 582ක් පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි එම අධිකාරිය නිවේදනය කළේ.
පාසල් ආශ්‍රිතව සිදුවන ළමා කෲරත්වය මෙන්ම තමා ජීවත් වන නිවස ආශ්‍රිතව දරුවන්ට සිදුවන අපයෝජන ද ඊට ඇතුළත්.
