Gossips

ළමා අපයෝජන සිද්ධියකට, වැලිඔය පොලීසියට උසාවියෙන් කැදවීමක්

පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි පිරිමි දරුවෙකු වැලිඔය පොලිස් ස්ථානය තුළ දී අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සහ ඊට ආධාර අනුබල දුන් සියළු සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ කැදවූ අවස්ථාවේදියි.
එහිදී මහේස්ත්‍රාත් මනෝජ් ප්‍රභාකරන් මුලතිව් සහකාර පොලිස් අධිකාරීවරයාට මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
මූලික විමර්ශනවලදී හඳුනා ගැනීමට නොහැකි නම්, වැලිඔය පොලිස් ස්ථානයේ සියලූම පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැදවීමට සිදුවනු ඇති බවටයි කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දී ඇත්තේ.
තහඩු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 8 වන දා වැලිඔය පොලීසිය මගින් මෙම 12 හැවිරිදි දරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු වැලිඔය පොලීසිය තුළ රදවා තබා ගත් අවස්ථාවේදි එහි රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකු තමාව අපයෝජනය කළ බවටයි එම දරුවා ප්‍රකාශ කර ඇත්තේ.