Gossips

ළමයින් 1000කට වැඩි පාසල් සදහා අලුත් තනතුරක්

ළමයින් 1000කට වැඩි සියලුම පාසල් සදහා කළමනාකරුවෙකු පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිදා පැවති කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට එක්වෙමින්.
එමෙන්ම ළමුන් 2000 ට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු සහ තවත් සහකාර කළමනාකාරවරයෙකු ද පත් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
අදාළ කළමනාකාරවරුන් පාසලේ පරිපාලන කටයුතු සඳහා සෘජුවම මැදිහත් වන අතර විදුහල්පතිවරයා හට පාසලේ ප්‍රධානියා ලෙස කටුයුතු කරමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අවස්ථාව මේ තුළින් හිමි වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ