Gossips

ළමයින් සිරවූ ලෙන කෞතුකාගාරයක් වෙයි

ළමා පාපන්දු කණ්ඩායමක් සහ පුහුණුකරු සිරවී සිටි තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන කෞතුකාගාරයක් බවට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
මීට අමතරව ලෙන ඇසුරෙන් චිත්‍රපයක් නිපදවීමටද තායිලන්ත චිත්‍රපට සමාගම් දෙකක අවධානය යොමුවී ඇති බව සඳහන්.
තායිලන්තයේ තාම් ලූවන් ලෙන තුළ මෙම පිරිස දින 12ක් සිරවී සිටි අතර, ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනුනේ අසීරු මෙහෙයුමකින් පසුවයි.