Gossips

ළමයින් පාසල් වෙත ඇතුළත් කර ගන්නා වයස් සීමාවේ වෙනසක්

ප්‍රංශයේ ළමයින් පාසල් වෙත ඇතුළත් කර ගන්නා වයස් සීමාව අවුරුදු 6 සිට 3 දක්වා පහත දමා තිබෙනවා.
එම තීරණය ප්‍රකාශයට පත් කළේ එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් විසින්.
අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින් පාසල් අධ්‍යාපනයට කඩිනමින් යොමුකිරීම මෙලෙස වයස් සීමාව සංශෝධනය කිරීමට හේතු ලෙස ප්‍රංශ ජනාධිපතිවරයා දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම සංශෝධනයත් සමඟ යුරෝපයේ අඩුම වයස් සීමාවකදී අනිවාර්යයෙන් පාසල් වෙත ළමයින් ඇතුළත් කර ගන්නා රට ප්‍රංශය බවට පත්වනවා.