Gossips

හෝර්ටන්තැන්නේ සිගරට් බිව්වාට හැත්තෑ දහසක දඩයක්

ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මෙරට දෙවනතම විශාල වනෝද්‍යානය වන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුල දුමිවැටියක් පානය කරමින් සිටි පුද්ලගයින් දෙදෙනෙකුහට නුවරඑළිය මහෙස්ත්‍රාත් ඩි .පි ආර්.ජයසේකර විසින් රුපියල් හැත්තෑ දහසක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඉකුත් දිනක දී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ අදාල පුද්ගලයින් දෙදෙනා ලයිටරයකින් දුම්වැටියක් දල්වා එය පානය කරමින් සිටියදි උද්‍යානපාලන අධිකාරිය විසින් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන වන සත්ව හා වෘක්ෂලතා අඥාපතනට අනුව චෝදනා ගොනු කොට අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ මුදලකට යටත් කොට තිබෙනවා.
මෙම පුද්ගලයින් දෙදෙනා මාතලේ සහා උකුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි සඳහන් වන්නේ.