Gossips

හෝමියෝපති පන්ති ජාවාරමක්

ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෝමියෝපති විභාගය සදහා සිසුන් නොමග යවමින් උපකාරක පන්ති පවත්වන බවට රජයේ සහතිකලත් හෝමියෝපති වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ උප සභාපති වෛද්‍ය එස්.රමේෂ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෝමියෝපති විභාගය පැවැත්වීම සදහා කිසිදු තීරණයක් රජය මේ වනතෙක් ගෙන නොමැති වකවානුවක අදාළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නීතිවිරෝධී ආකාරයෙන් සිසුන් නොමග යවමින් මෙලෙස උපකාරක පන්ති පවත්වන බවයි.