Gossips

හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ ශාඛා පරිපාලකවරයෙකුට පහරදීමක්

හෝමාගම විවිධ සේවා සමූපාකාර සමිතියේ ශාඛා පරිපාලකවරයාට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුගිය ජනවාරි මස 04 වනදා තවත් නිලධාරීන් දෙදෙනෙකු සමඟ මොහු හෝමාගම පොහොර ගබඩාව පරීක්ෂාවකට ලක්කර ඇත්තේ පොහොර සඟවාගෙන සිටින බවට ලද පැමිණිල්ලකට අනුවයි.
එහිදී සඟවාගෙන තිබූ පොහොර මිටි 120 ක් සොයා ගෙන ඇති අතර, ශාඛා පරිපාලකවරුන් ඒ සම්බන්ධයෙන් හෝමාගම විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරිවරයා ද දැනුවත් කර තිබුණා.
කෙසේ වෙතත් මසක කාලයක් ඉකුත්ව ගියද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු නොවීම නිසා ඒ පිළිබඳව පහර කෑමට ලක්වූ ශාඛා පරිපාලකවරයා සාමාන්‍යාධිකාරිවරයාගෙන් විමසීමක් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සාමාන්‍යාධිකාරිවරයාගෙන් මේ පිළිබඳ විමසා දින දෙකකට පමණ පසු එනම් පසුගිය 18 වනදා මෙම ශාඛා පරිපාලකවරයාට සේවා මුරය නිමවා නිවසට යමින් සිටියදී පිරිසක් විසින් පහරදී තිබෙනවා.
මේ පිළිබඳව මීපේ පොලිසියෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි.