Gossips

හෝමාගම යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

හෝමාගම, ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල අසල ඊයේ (01) අළුයම 2.30 පමණ යතුරුපැදියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
හෝමාගම සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් දකුණ පස ඇති අතුරු මාර්යක් වෙත හැරවීමට යන අවස්ථාවේ ඉදිරිපසින් පැමිණි අදාළ යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර අනතුර සිදුවන ආකාරය අසල තිබු ඉන්ධන පිරව්ම්හලහලේ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.